Blog image

සටන් ක්‍රමයක මූළධර්ම, න්‍යාය සහ ශිල්ප ක්‍රම

May 16, 2025 by Sifu Premil Naveendra

ලෝකයේ ඇති සියලු සටන් ක්‍රම වල අපි ඇස්දෙකෙන් දකින්නෙ ශිල්ප ක්‍රම සහ ඒ ශිල්ප ක්‍රම භාවිතා කරන වේගයත් එය භාවිතා කරන්නාගේ උපක්‍රමත් පමණි. ඒ දකින සියලු දේ මත ඒ සටන් ක්‍රමය මාර සටන් ක්‍රමයක් යැයි අප විසින් විනිශ්චයකට එන්නේය.එසේ විනිශ්චයකට පැමිණ අප එම සටන් ක්‍රමය හදාරන්නට පෙළඹෙන්නේය. දැන් අපි කුමක් හදාරන්නේද අප හදාරන්නට කැමති වන්නෙ ඒ සටන් ක්‍රමයේ ශිල්ප ක්‍රම, විවිද ශිල්ප ක්‍රම. එයින් අප උත්සහ ගන්නෙ අප දැකපු අප මාරයි කියල හිතපු සටන් ක්‍රමය කරනු ලබන ශිල්පියා හෝ නළුවා හෝ ක්‍රීඩකයා මෙන් වන්නටය. එහෙත් අප සිතට ගතයුතු ඉතාම වැදගත් කරුණක් ඇත. එනම් යම් සටන් ක්‍රමයක යම් ශිල්ප ක්‍රමයක් ගොඩ නැගී අත්තේ ඉතාම ශක්තිමත් පදනමක සිටය. ඒ පදනම පිළිබඳව අවබෝධය නැතිව ශිල්ප ක්‍රම පමණක් පුහුණු වීම හරියට හබලක් නැතිව අඟුලක් පදින්න උත්සහ ගන්නව වගේ වැඩක්. එම නිසා යම් සටන් ක්‍රමයක ශිල්ප ක්‍රමයක් ගොඩනැගෙන්නෙ කෙසේද යන්න පිළිබදව මාගේ දැනුමේ පරාසයේ හැටියට පහත පරිදි ගොණු කරන්නේමි.

1. ඕනෑම සටන් ක්‍රමයක මූලික පදනම සටන් ක්‍රමය හැදුවේ කුමක් සඳහාද සහ කුමණ මුළයක් මගින්ද යන්නය.

2. එම අරමුණු සහ මුළය සාක්ෂාත්කරගන්න භාවිතා කරන න්‍යාය කුමක්ද යන්නය.

3. මුළයත් න්‍යායත් භාවිතා කර අදාල අරමුණ සාක්ෂාත් කරගන්න භාවිතා කරන විදික්‍රමය කුමක්ද යන්නය.

4. මුලයත් න්‍යායත් විදික්‍රමයක් භාවිතා කරන මෙවලම් මොනවද යන්නය.

5. මුළයත් න්‍යායත් විදික්‍රමයක් සාක්ෂාත් කරගන්න මෙවලම් කුමණ හැඩයකට යොදා ගත යුතුද යන්නය.

(පහසුව සඳහා :මුළධර්මය කියන්නෙ ස්වාභාවික රටාවකට න්‍යාය කියන්නේ කෙනෙකු ඇති කරන රටාවට . මූළධර්ම වෙනස් කරන්න බෑ එහෙත් න්‍යාය වෙනස් කරන්න පුළුවන් .තවත් විදියකින් කිව්වොත් මූළධර්ම මිනිස්සු හඳුන ගන්නව මන්ද එය විශ්වයේ පවතින්නක්. න්‍යායන් මිනිස්සු ගොඩනගනව.)

මේ කරුනු 5 මුලිකවම ශිල්ප ක්‍රමයක් ගොඩ නැගීමේදී සලකා බලා ඇතිබව මා හට වටහාගැනීමට පුළුවන් කම ලැබිණ.

ඒ අයුරින් ගත් කළ ශිල්ප ක්‍රමයකන් ගොඩනැගීමේ දී පදනම විදියට භාවිතා කරන්නෙ යම් කිසි මූළ ධර්මයක් . උදා: “ඝණ වස්තු දෙකක් එකට ගැටීමෙන් සාපේක්ෂව අඩුශක්තියක් ඇති ඝණ වස්තුව විනාශ වන බව“ මෙය විශ්වය මූලධර්මයක් එසේනම් වඩා අඩු ශක්තියක් සහිත ඝණ වස්තුව මගින් වඩා ශක්තිමත් ඝණ වස්තුව විනාශකළ හැකි ද ? ඔව් හැකියි එහෙනම් ඒකත් විශ්වීය මූළධර්මයක් . දැන් මේ මූළ ධර්ම දෙකම අවැසි අවස්ථාවේ දී යොදාගැනීමට තමයි නිර්මාන කරුවා විසින් යම් න්‍යායක් භාවිතා කරන්නේ. අන්න ඒ න්‍යාය සටනට භාවිතා කරන්න විදික්‍රමයකුත් නිර්මාන කරුවා දනව ඒ හදන විදික්‍රමය ප්‍රායෝගිකව යොදන්න මෙවලමක් ඕනෑ වෙනව ඒකට තමයි ශිල්ප ක්‍රම කියන්නෙ. එම නිසා මෙවලම නැත්නම් ශිල්ප ක්‍රම පුහුණුවට කලින් අප අවබොධ කරගන්න ඕනා ඒ ශිල්ප ක්‍රමය තුල තියෙන න්‍යායත් මූළයත්, එවිටයි අපිට සාර්තකව හිල්ප ක්‍රමයක් භාවිතයට ගත හැක්කේ.

සටන් ක්‍රමයක් ගැඹුරට හදාරන්න එවිට ඔබට ඔබගේ නයායක් ගොඩනගාගන්නට පුළුවන් වෙනව...

ස්තූතියි

සටහන: සිෆු ප්‍රෙමිල්